Paradise of Books

Sammuka Pareekshana Walin Niyatha Jaya

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Language :   Sinhala
  • ISBN :   978-955-1011-98-7

Rs.170.00
-10%
Quantity
Only 2 left in stock!
Sold by
Dinrich Books & Stationaries

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Island Wide Same Rate
    (Rs.280/= for 1st Kg)
Service
  • 7 Day Returns
  • Warranty Not Available
Product details
රැකියාවක් සඳහා තෝරා ගැනීමට පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීමට ඔබට කැඳවීමේ ලිපියක් ලැබුණු මොහොතක් සිහිපත් කර ගන්න. ඔබට දැනෙන හැඟීම් කෙබඳුද? ඒ සඳහා ඔබ සූදානම් වන්නේ කෙසේද? ඔබ ඔබගේ සම්මුඛ පරීක්ෂණය ඔබේ දෛවයට, කර්මයට, වාසනාවට භාර දී නිහඬ වනවාද? මොහොතක් සිතන්න. අප ජීවත්වන තරගකාරී වත්මන් ලෝකය තුළ ජීවිතයේ බොහෝ අවස්ථා වල විවිධාකර සම්මුඛ පරීක්ෂණ සඳහා මුහුණ පෑමට අපට සිදුවේ. පෞද්ගලික අංශයේ බොහෝ රැකියා වලදී ඒ සඳහා යොදා ගන්නා ප්‍රමුඛතම ක්‍රම වේදයක් වන්නේ මුහුණට මුහණ කෙරෙන සම්මුඛ සාකච්ඡාවන්ය. එහෙත් සම්මුඛ පරීක්ෂණ යන්න රැකියා වලට තෝරා ගැනීම සඳහා පමණක් සීමා නොවේ. රැකියා උසස්වීම්, පුහුණු වැඩසටහන් සඳහා තෝරා ගැනීම්, විවිධ ශිෂ්‍යත්ව ලබා ගැනීම, පාඨමාලා, විසා බලපත්‍ර ලබා ගැනීම්, බැංකු ණය මේ ආදී විවිධ අවස්ථා සඳහා විවිධාකාරයේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ. මේ ඕනෑම සම්මුඛ පරීක්ෂණයක් සඳහා සූදානම් වීමේදී අනුගමනය කළ යුතු ශිල්පීය සහ විද්‍යාත්මක ක්‍රම වේද පිළිබඳව මෙම ග්‍රන්ථය තුලින් පූර්ණ අවධානය යොමු කෙරේ. සැබවින්ම සම්මුඛ පරීක්ෂණයකදී ඔබ තහවුරු කළයුත්තේ කුමක්ද? ඔබේ වටිනාකමයි. ඔබ සතු මිලයි. අපට එදිනෙදා සමාජ ජීවිතය තුළදී සම්මුඛ පරීක්ෂණ සඳහා මුහුණ දීමට සිදුවන්නේ අපට මුහුණ දීමට සිදුවන හොඳම අවස්ථාවේදී නොවිය හැකිය. එබැවින් ඔබ මුහුණ දෙන ඕනෑම අවස්ථාවක් ඔබේ හොඳම අවස්ථාව බවට පත් කර ගැනීමට ඔබ දක්ෂ විය යුතුය. ඔබට කිසියම් සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීමේදී එක් පුද්ගලයෙකුට හෝ පුද්ගලයන් කිහිප දෙනෙකුට මුහුණ දීමට සිදුවිය හැකිය. මෙම ඕනෑම අවස්ථාවකදී උද්යෝගයෙන් හා ආත්ම විශ්වාසයෙන් යුතුව ඒ සඳහා මුහුණ දිය යුතුය. විශේෂයෙන් රැකියාවක් සඳහා ඔබව සම්මුඛ පරීක්ෂණයට ලක් කිරීමේදී ප්‍රධාන වශයෙන් අවධානයට පොතු වන්නේ කුමක්ද? ඔබ එම රැ කියාව සඳහා කෙසේ ගැලපේද යන්නයි. ඔබ අඳින පළඳින ආකාරය. ඔබේ හිසකෙස් සකසන ආකාරය. ඔබේ මුහුණේ ඉරියව් පෞරුෂය, ඇවිදින ආකාරය, කථාබහ යන සාධක මෙන්ම ඉන් ඉදිරියට ගිය තවත් සාධක ගණනාවක් මෙහිදී අවදානයට පාත්‍ර විය යුතුය
There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet