Paradise of Books

Kotas Welandapolata Piwiseema

0 Ratings
Estimate Shipping Time: 5 Days
  • Language :   Sinhala
  • ISBN :   978-955-655-272-0

Rs.142.50
-5%
Quantity
Only 1 left in stock!
Sold by
Dinrich Books & Stationaries

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Island Wide Same Rate
    (Rs.280/= for 1st Kg)
Service
  • 7 Day Returns
  • Warranty Not Available
Product details
මීට දශක තුනකට පමණ පෙර සංචාරක ක්‍ෂේත්‍රයේ සංස්ථාවක සාමාන්‍ය කොටස් දෙසීයයක් මිලදී ගන්නා විට මා දැන සිටියේ එම සමාගමේ ම පුවත්පත් දැන්වීමකින් උකහා ගත් තොරතුරු කිහිපයක් පමණි. සමාගම් කොටස් පිළිබඳව අන් කිසිදු දැනීමක් හෝ අවබෝධයක් මා තුළ නොවීය. එකල පොදුවේ ජන සමාජය තුළ වුවද සමාගම් කොටස් ගැන මේ සා උනන්දුවක් නොවීය. මා තුළ පැවතියේ සුළු වශයෙන් හෝ ලාභයක් ලැබීමේ අපේක්ෂාවත්, අලුත් අලුත් දෙයට අත ගැසීමේ කුතුහලයත් බව කිවමනාය. එදා මෙදා තුර රට බොහෝ වෙනස් වී තිබේ. රාජ්‍ය ව්‍යාපාර රැසක් පුද්ගලික අංශයට පවරා දී ඇත. කොටස් වෙළඳ පොළට සම්බන්ධ වූ සමාගම් වල කොටස් හිමිකර ගැනීමට ජනතාවට ද ඇතැම් විට එම සමාගම් වල සේවකයන්ට ද ඉඩ සලසා දී තිබේ. නවීනතම පහසුකම්වලින් සමන්විත කොළඹ කොටස් වෙළඳ පොළ, සමාගම්වලට අවශ්‍ය ප්‍රාග්ධනය ලබා ගැනීමේ එක් ප්‍රධාන උල්පතක් බවට පත් වී තිබේ. ජනතාවගෙන් බහුතරය සාම්ප්‍රදායික බැංකු තැන්පතු කෙරෙහි මනාපය දක්වන නමුදු නව ආයෝජන මාර්ග ගැන කරනු ලබන ප්‍රචාරක හා ප්‍රවර්ධන කටයුතු නිසා කොටස් වෙළඳ පොළ වෙත ද වෙනත් නව ආයෝජන මාර්ග වෙත ද ඇදී එන පිරිස දින දින වැඩි වන බව පෙනේ. මෙවැනිම තවත් සත්‍යයක් තිබේ. එනම් කොටස් වෙළඳ පොළ ඒකක භාර සහ භාණ්ඩාගාර සුරැකුම් වැනි නව ආයෝජන මාර්ග වලට පිවිසෙන ඇතැමෙකු අද එසේ කරනුයේ ද දශක කිහිපයකට පෙර මා ක්‍රියා කළ ආකාරයෙන්මය. අන් ලෙසකින් කියතොත් සිය ආයෝජනය පිළිබඳව නිසියාකාර අවබෝධයක් නොමැතිවය. මෙහිලා ජනතාව දැනුවත් කිරීමට විවිධ පියවර ගෙන ඇති නමුදු, ප්‍රමුඛ වශයෙන් සිංහල හා දෙමළ භාෂාව භාවිත කරන ජනයාට ඉන් සැලසී ඇති යහපත සීමාසහිත බව පෙනේ. එම නිසා අප වෑයම් කළ යුතු වනුයේ ඉංග්‍රීසි බස භාවිත නොකරන්නා වූ ද ගම්බද ප්‍රදේශ වල දිවි ගෙවන්නා වූ ද ආයෝජකයන්, තරුණ පෙළ සහ සිසුන් මව් බසින් තව තවත් දැනුවත් කිරීමටයි
There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet