ශ්‍රී ලාංකීය ආදිවාසී ජනතාව දැකබලා ගැනීම උදෙසා දෛනිකව බොහෝ ජනගහනයක් ශ්‍රී ලංකාවේ නොයෙක් ප්‍රදේශවලින් දඹාන ගම්මානයට පැමිණෙන අතර ඔවුන් නිරතුරුව ම මුහුණ දෙන අපහසුතාවයක් වනුයේ දඹාන ප්‍රදේශයේ දැකබලා ගැනීමට ඇති ස්ථාන පිළිබඳව නිවරදි අවබෝධයක් ඔවුන් සතු නොවීම යි. එම අඩු පාඩුව සපුරාලීම හා දඹාන ආදී වාසීන් පිළිබඳව මූලික අවබෝධයක් ලබාදීම උදෙසා " දඹාන සොඳුරු බිම් කඩෙහි වගතුග'' නමින් කුඩා ග්‍රන්ථයක් නිර්මාණය කිරීමට අදහස් කළෙමි. එම අදහස මල්පල ගැන්වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම කුඩා ග්‍රන්ථය ඔබ අතට අද වන විට පත් වී ඇති බව සිහිපත් කරමි. |